උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {පුරුෂයින්ගෙන් සහ ස්ත්රී න්ගෙන් කවෙරකු හෝ වේවා ඔහු විශ්වාස කරන්නෙකු ලෙස යහපත් ක්රිනයා කරන්නේද අපි (මෙලොව) හොඳ ජීවිතයක් ගත කිරීමට ඔහුට ජීවය ලබා දෙන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි විශිෂ්ඨ දෑ අනුව අපි (එලොවෙහි) ඔවුන්ට යහපත් විපාක නියත වශෙයන්ම පිරිනමන්නෙමු} [අන් නහ්ල්: 97].
මුස්ලිම්වරයාගේ හදවත තුළට පිවිසෙන සතුට ප්රීතිය හා සොම්නස අතරින් මහඟු කරුණක් වනුයේ ජීවත්ව සිටින්නන්ගේ හෝ මිය ගිය ඇත්තන්ගේ හෝ පිළිමවල හෝ මැදිහත් වීමකින් තොරව ඍජුව තම පරමාධිපති සමග සම්බන්ධතා පැවැත්වීමය. උත්තරීතර අල්ලාහ් ඔහුගේ ශුද්ධ වූ අල් කුර්ආනයේ සැබැවින්ම තමන් කවදත් තම ගැත්තන්ට සමීපයෙන් සිටින බවත් ඔවුන්ගේ ප්රාර්ථනාවන්ට ඇහුන්කන් දී පිළිතුරු දෙන බවත් අවධාරණය කරයි. අල්ලාහ් මෙසේ ප්රකකාශ කරයි: {තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. කැඳවන්නාගේ කැඳවුමට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු පිණිස ඔවුන් මාගේ පිළිතුර අපේක්ෂා කරත්වා ! මා විශ්වාස කරත්වා !} [අල් බකරා: 186].
සුවිශුද්ධයාණන් ඔහුගෙන් ප්රා ර්ථනා කරන මෙන් අපට නියෝග කර ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපතිට සමීප වන නැමදුම් අතර ඉතා වැදගත් කරුණක් බවට ඔහු මෙය පත් කර ඇත. කීර්තිමත් අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: {‘ඔබ මගෙන් පතන්න. මම ඔබට පිළිතුරු දෙමි’ යැයි ඔබේ පරමාධිපති පැවසීය} [ගාෆිර්:60].
දැහැමි මුස්ලිම්වරයා නිතර අල්ලාහ්ගේ අවශ්යතාවයෙන් පෙළෙයි. ඔහු ඉදිරියේ නිතර ප්රාර්ථනා කරයි. දැහැමි නැමදුම් තුළින් ඔහුට සමීප වෙයි.
මහත් හේතුවක් උදෙසා අල්ලාහ් අප මෙම විශ්වයේ බිහි කළේය. නිකරුණේ ඔහු අප මවා නැත. එය ඔහුට කිසිදු හවුල් කරුවෙකු හවුල් නොකර ඔහුට පමණක් නැමදුම් කිරීමය.
අපගේ පුද්ගලික මෙන්ම පොදු ජීවිතයේ සියලුම කරුණු හැඩගස්වන සියල්ල ආවරණය කරගත් දේව දහමක් ඔහු අපහට ආගමානුගත කර ඇත. මෙම සාධාරණීය පිළිවෙත තුළින් ජීවිතයේ අවශ්යතාවන් ආරක්ෂා කළේය. එනම්: අපගේ දහම ජීවිත, මාන්ය ය, බුද්ධිය මෙන්ම අපගේ ධනයයි. ආගමික නියෝග අනුගමනය කරමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් කවුරුන් ජීවත් වන්නේ ද සැබැවින්ම ඔහු මෙම අවශ්යතාවන් ආරක්ෂා කර ගත්තේය. කිසිදු සැකයකින් තොරව ඔහුගේ ජීවිතයේ ඉතා තැන්පත් ප්රීතිමත් ජීවිතයක් ගත කළේය.
මුස්ලිම්වරයකු තම පරමාධිපති සමඟ ඇති බැඳීම ඉතා ගැඹුරු අතර එය සාමය සහ මානසික සැනසීම, නිශ්චල බව, ආරක්ෂාව සහ සතුට පිළිබඳ හැඟීමක් සහ පරමාධිපති තමන් සමග සිටින බව ඔහු තමන් ආරක්ෂා කරන බව හා ඔහුගේ විශ්වාසියාගේ භාරකාරත්වය ඔහු දරන බව හැඟීමක් ඇති කරන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්ර්කාශ කරයි: {විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරයි...} [අල් බකරා: 257].
මෙම ශ්රේෂඨ සම්බන්ධතාවය චිත්තවේගීය තත්වයක් වන අතර එය මහාකාරුණිකයාණන්ට නැමදුම් කිරීමේ රුචිය, ඔහුව මුණගැසීමේ ආශාව ඇති කරයි. දේව විශ්වාසයේ මිහිරි බව දැනීමෙන් ඔහුගේ හදවත සතුටින් පිරි අහසට නැගෙයි.
එම මිහිරි බව, අවනතභාවයේ ක්රියාවන් සිදු කිරීමෙන් හා නරක දැයින් වැළකෙමින් රස විඳින්නෙකුට මිස වෙනත් කිසිවකුටත් විස්තර කළ නොහැකිය. එහෙයින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා සිටියහ: “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය”.
ඔව්, යම් පුද්ගලයෙක් තම මැවුම්කරුවා ඉදිරියේ තම ස්ථිර පැවැත්ම දැනෙනවා නම්, ඔහුගේ අලංකාර නාම සහ ගුණාංග තුළින් ඔහුව හඳුනන්නේ නම්, ඔහු බලා සිටියි යන හැඟීමෙන් යුතුව ඔහුට නමස්කාර කරන්නේ නම්, ඔහු අල්ලාහ්ට නැමදුම් ඉටු කිරීමෙහි අවංක නම් එමගින් සර්වබලධාරි අල්ලාහ් හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකළේ නම්, ඔහු මෙලොව යහපත් හා ප්රීතිමත් ජීවිතයක් ගත කරන අතර මතුලොවෙහි ප්ර තිඵල ද යහපත් වනු ඇත.
මෙලොව දේව විශ්වාසියාට කරදර සිදු වුව ද එහි උණුසුම ස්ථිර විශ්වාසයේ සිසිලෙන් ද උත්තරීතර අල්ලාහ්ගේ පෙර නියමය පිළිගැනීමෙන් ද ඔහුට අත් වූ හොඳ නරක යන සියලු නියමයන්ට ඔහු ප්රශංසා කිරීම තුළින් ද ඒ ගැන පූර්ණ තෘප්තියට පත්වීමෙන් ද පහව යනු ඇත.
තම සතුට හා සන්සුන් භාවය වැඩි කර ගැනීම සඳහා මුස්ලිම්වරයා උනන්දු විය යුතු කරුණු අතර උත්තරීතර අල්ලාහ් ව නිතර නිතර සිහිපත් කිරීම හා අල් කුර්ආනය අධිකව පාරායනය කිරීම ද ඇතුළත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රිකාශ කරයි: {විශ්වාස කළවුන් වනාහි, ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වෙති} [අර් රඃද්: 28].
අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල් කුර්ආනය පාරායනය කිරීම මුස්ලිම්වරයකු වැඩි කරගත් කල්හි උත්තරීතර අල්ලාහ් සමග තිබෙන ඔහුගේ සම්බන්ධතාව වර්ධනය වනු ඇත. ඔහුගේ ආත්මය පිරිසිදු වනු ඇත. ඔහුගේ විශ්වාසය ශක්තිමත් වනු ඇත.
එසේම, මුස්ලිම්වරයා පැහැදිලි සාධක පදනම් කර ගනිමින් සර්වබලධාරි දෙවියන්ට නැමදුම් කිරීම සඳහා නිවැරදි මූලාශ්රවලින් තම ආගම ඉගෙන ගැනීමටත් උනන්දු විය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කළහ.: “දැනුම සෙවීම සෑම මුස්ලිම්වරයකුහටම අනිවාර්යය වේ”.
ඔහු මැවූ සර්වබලධාරි අල්ලාහ්ගේ ආඥාවලට -ඒ පිළිබඳ ප්රඥාව දැන සිටියත් නැතත්- ඔහුට අවනත වී යටත් විය යුතුය. ඔහු සර්වබලධාරි සිය උතුම් ග්රන්ථයේ මෙසේ සඳහන් කළේය: {අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසී පුරුෂයකුට හෝ කාන්තාවකට හෝ ඔවුන්ගේ කටයුතුවල (ඔවුන්ගේ) කැමැත්ත යෙදීම සුදුසු වන්නේ නැත. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටු පාන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවක මුළා වනු ඇත} [අල් අහ්සාබ්: 36].
අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන්ම හිතමිතුරන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා.