මාගේ පරමාධිපති අල්ලාහ් වේ

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {මිනිසුනි, නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය} [අල් බකරා 2:21].

  • උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {ඔහු අල්ලාහ්ය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් දෙවියකු නැත} [අල් හෂ්ර්: 22].
  • උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {ඔහු වැනි කිසිවකුත් නැත. තව ද ඔහු සර්ව ශ්රාවක හා සර්ව නිරීක්ෂක වේ} [අෂ් ෂූරා 26:11].
  • අල්ලාහ් වන ඔහුය මාගේ පරමාධිපති. එමෙන්ම සියලු දෑහි පරමාධිපති. ඔහු රජුය, මැවුම්කරුය, පෝෂකය, සියලු දෑ සැලසුම් කරන්නාය.
  • නැමදුමට සුදුස්සා වනුයේ ඔහු පමණය. ඔහු හැර වෙනත් පරමාධිපතියකු නැත. ඔහු හැර වෙනත් දෙවියකු නැත.
  • ඔහු විසින්ම තහවුරු කළ හා ඔහුගේ නබිවරයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් තහවුරු කළ අලංකාර නාම හා විශිෂ්ඨ ගුණාංග ඔහුට ඇත. ඒවා අලංකාරයේ හා පූර්ණත්වයේ උපරිමය සපුරා ඇත. ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්වශ්රාවකය. සර්ව නිරීක්ෂකය.

ඔහුගේ අලංකාර නාම කිහිපයක්:

  • අර්-රස්සාක්
  • අර-රහ්මාන්
  • අල්-කදීර්
  • අල්-මලික්
  • අස්-සමීඃ
  •  අස්-සලාම්
  • අල්-බසීර්
  • අල්-වකීල්
  • අල්-කාලික්
  • අල්-ලතීෆ්
  • අල්-කාෆ
  • අල්-ගෆූර්

* මුස්ලිම්වරයා අල්ලාහ්ගේ අරුම පුදුම මැවීම් සහ ඔහුගේ පහසු කිරීම් පිළිබඳව සිතන්නට ගනියි. ඒ අතරින් ජීවීන් තම පැටවුන්ට පෝෂණය කිරීම සහ උන් තමන් මත යැපෙන තෙක් උන්ව රැකබලා ගැනීම යන කරුණු ද ඇතුළත් ඒවායෙහි මැවුම්කරු සහ ඒවාට කරුණාව දක්වන්නා සුවිශුද්ධයාණන්ය. ඔහු එයට උපකාර කිරීමට සහ එහි සියලු දුර්වලතා සමඟ එහි තත්වවය නිවැරදි කිරීමට යම් සාධකයක් සූදානම් කරවීම ද ඔහුගේ කරුණාවකි.

මාගේ පරමාධිපති අල්ලාහ් වේ

තම ගැත්තන්ගේ හදවත් හා ශරීර ශක්තිමත් කරවන ඔවුන්ගේ ආහාර පෝෂණ සම්පත් තම භාරකාරත්වය යටතේ පත්කර ගෙන සිටින්නා.

සෑම දෙයක් මතම ඉමහත්සේ කරුණා ගුණය ව්යාප්ත කරන මහා කාරුණිකය.

දුර්වලභාවයක් හෝ මන්දගාමීභාවයක් හෝ නොමැති පූර්ණ බලය ඇත්තාය.

ශ්රේෂ්ඨත්වය, විශිෂ්ඨ පාලනය හා මනා සැලසුම යනාදී ගුණාංගවලින් වර්ණනා කෙරුනු අයෙකි. ක්රිමයාත්මක වන සියලු දෑහි රජුය.

රහසේ හා ප්රසිද්ධියේ හෝ වේවා ඇසෙන හඬවල් සියල්ල ග්රහණය කර ගන්නා.

සියලු අඩු පාඩු, පීඩා හා කැළැල්වලින් තොර තැනැත්තා.

සෑම කරුණක්ම එය සියුම් හා කුඩා වුව ද තම බැල්මෙන් ආවරණය කර සිටින්නා. සියලු දෑ ගැන මනා බැල්මකින් බලන ඒ ගැන තොරතුරු නිරීක්ෂණය කරන එහි අභ්යයන්තරය වෙත එඹී බලන්නා.

තම මැවීම්වලට පෝෂණ සම්පත් පිරිනැමීමේ භාරකාරත්වය දරන්නා. එමෙන්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් මත ක්රියා කරන්නා. ඔහුගේ ආදරයට පාත්රවූවන්ගේ භාරකාරත්වය දරන්නා. ඔවුනට පහසුකම් සලසන්නා. සියලු කටයුතු ඔවුනට සෑහීමට පත් කරන්නා.

වස්තූන් ඇති කරන්නා. පූර්ව උදාහරණයකින් තොරව ඒවා නිමැයුම් කරන්නා.

තම ගැත්තන් ව ගෞරවය කර ඔවුනට මෛත්රිය පෙන්වා ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන්නා.

තම ගැත්තන්හට අවශ්ය වන සියලු දෑ ප්රමාණවත් පරිදි පිරිනමන්නා, තවද වෙනත් අයගේ උපකාරයෙන් තොරව ඔහුගේ උපකාරය සෑහිමකට පත් කරවන, ඔහු තුළින් අනෙක් අයගේ අවශ්යතාවන්ගෙන් තොරභාවයට පත් කරවන්නා.

තම ගැත්තන්ගේ පාපකම්හි හානියෙන් ඔවුන් ආරක්ෂා කරන්නා, ඒ මත ඔවුනට දඬුවම් නොකරන්නා.

නබි මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා)

උත්තරීතර ඔහු මෙසේ පවසයි: {ඔබ අතුරින් වූ ධර්ම දූතයකු ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. ඔබ දුෂ්කරත්වයට පත්වීම ඔහු වෙත බැරූරැම්ය. ඔහු ඔබ කෙරෙහි (ඔබගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාසවන්තයින් පිළිබඳ සෙනෙහෙවන්ත වූ අතිශය කාරුණිකය} [අත්-තව්බා 128].

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {අපි ඹබ ලෝවැසියනට දයාවක් ලෙස මිස නොඑව්වෙමු} [අල් අන්බියා: 107].

කරුණාව, ත්යාගශීලීබව සහ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා.

ඔහු මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ්ය. (එතුමාට අල්ලාහ් ශාන්තිය හා සමාදානය ආශිර්වාද කරත්වා!) එතුමා නබිවරුන් හා දූතවරුන්ගේ අවසාන මුද්රාවයි. උත්තරීතර අල්ලාහ් එතුමාණන්ව ඉස්ලාම් දහම සමඟ මුළු මිනිස් සංහතියටම එව්වේය. එය එතුමා ඔවුනට යහපත පෙන්වා දෙනු පිණිසය. ඒ අතරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ ‘තව්හීද්’ හෙවත් ඒක දේව වාදයයි. එමෙන්ම අයහපත් දෙයින් ඔවුන් වළක්වාලනු පිණිසය. ඒ අතරින් වඩාත් බරපතලම දෑ වනුයේ ‘ෂිර්ක්’ හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.

එතුමා නියෝග කළ දෑහි එතුමාට අවනත වීමත්. එතුමා දන්වා සිටි දෑහි එතුමාව සහතික කිරීමත් එමෙන්ම එතුමා කවර කරුණක් තහනම් කොට ඉන් වළක්වා ඇත්තේ ද ඉන් වැළකී සිටීමත් අනිවාර්යය වන්නේය. එමෙන්ම එතුමා ආගමානුගත කළ දෑ හැර වෙනත් යම් දෙයකින් අල්ලාහ් නැමදුමට ලක් නොකළ යුතුය.

එතුමාගේ දූත පණිවිඩය හා එතුමාණන්ට පෙර සිටි සියලු නබිවරුන්ගේ දූත පණිවිඩය වූයේ අල්ලාහ්ට කිසිදු හවුල්කරුවකු සම්බන්ධ නොකොට ඔහුට පමණක් නැමදීම සඳහා ඇරයුම් කිරීමයි.

නබි තුමාණන්ගේ ගුණාංග සමහරක්:

  • සත්යතාව
  • කරුණාව
  • රිස්සීම
  • ඉවසීම
  • ධෛර්යය
  • යහපත්ච රිතය
  • සාධාරණය
  • නිහතමානීබව
  • සමාව දීම

 

ශුද්ධ වූ අල් කුර්ආනය මාගේ පරමාධිපතිගේ වචනයයි

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
{අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු} [අන් නිසා:174].

ශුද්ධ වූ අල් කුර්ආනය උත්තරීතර අල්ලාහ්ගේ වචනයයි. එය ඔහුගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළේ මිනිසා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කොට ඍජු මාර්ගය වෙත ඔවුනට මග පෙන්වීමටය.

කවරෙකු එය පාරායනය කරන්නේ ද ඔහුට මහඟු තිළිණ හිමි වනු ඇත. කවරෙකු එහි මගපෙන්වීම අනුව ක්රියා කරන්නේ ද ඔහු ශක්තිමත් මාර්ගයක ගමන් කරනු ඇත.

ඉස්ලාමයේ මූලිකාංගයන් පිළිබඳ මා දැන ගැනීමට කැමති

මුහම්මද නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමානන් පවසා සිටියහ:

“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩනැගී ඇත. එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් නිකුත් කිරීම, රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම හා දේව නිවස වෙත හජ් වන්දනාව දියත් කිරීම”.

ඉස්ලාමයේ මූලිකාංග යනු සෑම මුස්ලිම්වරයකුම පිළිපැදිය යුතු අත්යාවශ්ය නැමදුම් වෙති. ඒවා අනිවාර්යය වන බව විශ්වාස කොට ඒ සියල්ල ක්රියාවට නැංවීමෙන් මිස මිනිසාගේ ඉස්ලාමය වලංගු වන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම ඉස්ලාමය ඒවා මත ගොඩ නැගී ඇති බැවිණි. ‘අර්කානුල් ඉස්ලාම්’ ඉස්ලාමයේ මූලිකාංගයන් ලෙස ඒවා නම් කර ඇත්තේ ද එබැවිණි.

එම මූලිකාංගයන් මෙසේය:

ඉස්ලාමයේ මූලිකාංගයන් පිළිබඳ මා දැන ගැනීමට කැමති

පළමු මූලිකාංගය

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {එහෙයින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බව ඔබ දැනගන්න} [මුහම්මද්:19].

තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: {ඔබ අතුරින් වූ ධර්ම දූතයකු ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. ඔබ දුෂ්කරත්වයට පත්වීම ඔහු වෙත බැරූරැම්ය. ඔහු ඔබ කෙරෙහි (ඔබගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාසවන්තයින් පිළිබඳ සෙනෙහෙවන්ත වූ අතිශය කාරුණිකය} [අත්-තව්බා: 128].

  • ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බව සාක්ෂි දැරීමේ තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු දෑ සත්යය නොවන බවයි.
  • ‘අන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමේ තේරුම: එතුමා නියෝග කළ දෑහි එතුමාට අවනත වීමත්. එතුමා දන්වා සිටි දෑහි එතුමාව සහතික කිරීමත් එමෙන්ම එතුමා කවර කරුණක් තහනම් කොට ඉන් වළක්වා ඇත්තේ ද ඉන් වැළකී සිටීමත් එතුමා ආගමානුගත කළ දෑ හැර වෙනත් යම් දෙයකින් අල්ලාහ් නැමදුමට ලක් නොවීමත්ය.

 

දෙවන මූලිකාංගය

සලාතය විධිමත්ව ඉටු කිරීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {තවද ඔබ සලාතය විධිමත්ව ඉටු කරන්න} [අල් බකරා: 110].

  • සලාතය ඉටු කළ යුත්තේ උත්තරීතර අල්ලාහ් ආගමානුගත කළ පරිදි හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට ඉගැන් වූ පරිදි එය විධිමත්ව ඉටු කිරීමෙනි.

 

තුන්වන මූලිකාංගය

සකාත් නිකුත් කිරීම

උත්තරීතර ඔහු මෙසේ පවසයි: {ඔබ සකාත් පිරිනමන්න} [අල් බකරා: 110].

  • මුස්ලිම්වරයාගේ විශ්වාසය තහවුරු කිරීමට පරීක්ෂණයක් ලෙසින් ද ඔහුගේ පරමාධිපති ඔහුට ආශිර්වාද කළ සම්පත් සඳහා ඔහු ඔහුට කෘතඥතාව දැක්වීමක් ලෙසින් හා දුගී දුප්පතුන් හා අවශ්යතාවෙන් පෙළෙන්නන්ට උපකාරයක් ලෙසින් ද අල්ලාහ් සකාත් අනිවාර්යය කර ඇත. සකාත් පිරිනැමීම සුදුස්සන්හට පිරිනැමීමෙන් ඉටු කළ යුතු වේ.
  • එය නියමිත ප්රමාණයක් ලබා ඇති විටෙක එම ධනයේ අනිවාර්යයෙන් දිය යුතු වගකීමක් වන්නේය. ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් මෙනෙහි කළ පාර්ශව අටකට එය දෙනු ලැබේ. ඔවුන් අතරින් ‘ෆකීර්’ හෙවත් දිළිදා සහ ‘මිස්කීන්’ හෙවත් දුගියා ඇතුළත්ය.
  • එය ඉටු කිරීම තුළ දයානුකම්පාව හා සෙනෙහස ඉස්මතුවීම, මුස්ලිම්වරයාගේ ගුණාංග හා ඔහුගේ සම්පත් පිරිසිදු කිරීම, දිළිඳු හා දුප්පත් ජනයා තෘප්තියට පත් කිරීම, මුස්ලිම් සමාජගේ තනි පුද්ගලයින් අතර සහෝදරත්වයේ හා මිත්රත්වයේ බැඳීම් ශක්තිමත් කිරීම යනාදිය පවතී. එහෙයින් ධර්මිෂ්ඨ මුස්ලිම්වරයා එය තමාගේ යහපත්කම පිටතට ගෙන එන අතර එය ඉටු කිරීමෙන් සතුටු වන්නේ අන් අයගේ සතුට නිසාය.
  • රන්, රිදී, මුදල් නෝට්ටු, ලාභ බලාපොරොත්තුවෙන් වෙළදාම සඳහා සූදානම් කර ඇති ව්යාපාරික භාණ්ඩ යනාදී සකාත් වස්තුවෙන් නියමිත ප්රමාණය ලබා පූර්ණ වසරක කාලයක් ගත වූ විට ඉන් නිකුත් කරනු ලබන්නේ 2.5%කි.
  • එසේම ගොවිපළ සතුන් (ඔටු, ගව හා එළුවන්) උන්ගේ හිමියා උන්ට ආහාර දීමෙන් තොරව වසරකට වැඩි කාලයක් මහපොළොවේ තණ බුදින විට උන්ගෙන් නියමිත සංඛ්යායවක් කවරෙකු සතුව ඇත්තේ ද ඔහුද සකාත් පිරිනැමීම අනිවාර්යය වේ.
  • එමෙන්ම මහපොළොවෙන් හට ගැණෙන ධාන්ය, පළතුරු, ඛණිජ ද්රෙව්ය හා නිධන් වස්තුවල ද ඒවා නියමිත ප්රමාණයක් ලබා ඇති විටෙක සකාත් දීම අනිවාර්යය වේ.

 

සිව්වැනි මූලිකාංගය

රමළාන් මාසයේ උපවාසය රැකීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {අහෝ! විශ්වාස කළවුනි, නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය} [අල් බකරා: 110].

  • රමළාන් යනු හිජ්රි දින දර්ශනය අනුව නව වැනි මාසයයි. එය මුස්ලිම්වරුන් ගරුබුහුමන් කරන මාසයකි. වසරේ සෙසු මාසවලට වඩා විශේෂ ස්ථානයක් මෙයට හිමිය. එම මාසය පුරාවටම උපවාසයේ යෙදීම ඉස්ලාමයේ පස්මහා මූලිකාංග අතරින් එකකි.
  • රමළාන් මාසයේ උපවාසය රැකීම යනු: අලුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් සමෘද්ධිමත් රමළාන් මාසයේ දින පුරාවටම ආහාර පාන ලිංගික ඇසුර හා උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී සිටීමයි.

 

පස්වන මූලිකාංගය

ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම ඒ වෙත යෑමට මගක් ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි} [ආලු ඉම්රාන්: 97].

  • හජ් ඉටු කිරීම යනු ආයු කාලය තුළ එක් වරක් හෝ ඒ සඳහා ගමන් පහසුකම් ඇති උදවියට නියම වූවකි. එනම් නියමිත කාලයක් තුළ නියමිත නැමදුම් කොටසක් ඉටු කිරීම සඳහා මක්කාවේ පිහිටි ශුද්ධ වූ නිවස හා ශුද්ධ වූ ස්ථාන අරමුණු කරගනිමින් වන්දනාවේ යෑමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාණන්ට පෙර සිටි සෙසු නබිවරුන් ද හජ් ඉටු කර ඇත. ශුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් දන්වා ඇති පරිදි හජ් සඳහා ජනයා ඇරයුම් කරන මෙන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාට අල්ලාහ් නියෝග කර ඇත. ඔහු මෙසේ පවසයි: {තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද දුර බැහැර ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි} [අල් හජ්: 27].

 

‘ඊමාන්’ හෙවත් විශ්වාසයේ මූලිකාංගයන් පිළිබඳ ඔබ දන්නවාද?

ඊමානය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණන් මෙසේ පැවසීය: “අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දහම්, ඔහුගේ දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි එහි හොද නරක සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමයි”.

ඊමානයේ මූලිකාංග යනු සෑම මුස්ලිම්වරයකුම අනිවාර්යයෙන් පිළිපැදිය යුතු හදවත් හා බැඳුණු නැමදුම්ය. එය විශ්වාස කිරීමෙන් තොරව මිනිසාගේ ඉස්ලාමය වලංගු වන්නේ නැත. ‘අර්කානුල් ඊමාන්’ විශ්වාසයේ මූලිකාංග යනුවෙන් නම් කරනු ලැබ ඇත්තේ එබැවිණි.

ඒ අතර හා ඉස්ලාමයේ මූලිකාංග අතර පවතින වෙනස: සැබැවින්ම ඉස්ලාමයේ මූලිකාංග යනු සාක්ෂි දෙක පැවසීම, සලාත් ඉටු කිරීම, සකාත් නිකුත් කිරීම වැනි තම ශරීර අවයව තුළින් මිනිසා ඉටු කරන බාහිර ක්රිීයාකාරකම්ය. ඊමානයේ මූලිකාංග යනු අල්ලාහ්ව විශ්වාස කිරීම ඔහුගේ ආගම් හා ඔහුගේ දූතවරු විශ්වාස කිරීම වැනි තම හදවත තුළින් මිනිසා ඉටු කරන අභ්යන්තර ක්රි යාකාරකම්ය.

ඊමානය හා එහි තේරුම වටහා ගැනීම:

අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ආගම්, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය හා තම යහපත මෙන්ම අයහපත පෙර නියමය අනුව සිදුවන බව හදවත තිරසාර ලෙසින් තහවුරු කිරීම දේව දූතයාණන් ගෙන ආ එතුමාගේ ප්රායෝගයේ පැවති ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීම, අල් කුර්ආනය කියවීම, තස්බීහ් පැවසීම, තහ්ලීල් පැවසීම, අල්ලාහ්ට ප්රශංසා කිරීම වැනි වාචික සියලු දෑ අනුගමනය කිරීමයි.

එමෙන්ම සලාත් ඉටු කිරීම, හජ් වන්දනාව, උපවාසය වැනි බාහිර අවයව තුළින් හා අල්ලාහ්ට ආදරය කිරීම ඔහුට බිය වීම ඔහු කෙරෙහි සියල්ල භාර කිරීම හා ඔහුට අවංක වීම යනාදී හදවත හා බැඳුනු අභ්යන්තර අවයව තුළින් ක්රිීයාවෙන් පෙන්වා දුන් සියලු දෑ අනුමගනය කිරීමයි.

මේ සියල්ල සමාලෝචකයින් විසින් සංෂිප්ත කොට මෙසේ හඳුන්වා දී ඇත. හදවතින් විශ්වාස කිරීම, මුවින් ප්රකාශ කිරීම, ශරීර අවයව තුළින් ක්රියා කිරීම අවනත වීම තුළින් වැඩිවෙයි පාපකම් තුළින් අඩු වෙයි.

‘ඊමාන්’ හෙවත් විශ්වාසයේ මූලිකාංගයන් පිළිබඳ ඔබ දන්නවාද?

පළමු මූලිකාංගය

අල්ලාහ්ව විශ්වාස කිරීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {සැබැවින්ම විශ්වාස කළෝ වනුයේ අල්ලාහ්ව විශ්වාස කළවුන්ය} [අන්-නූර්: 62].

අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් අපේක්ෂා කරනුයේ ඔහුගේ පාලනත්වය ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විෂයයන්හි ඔහු ඒකීයත්වයට පත් කිරීමයි.

පහත සඳහන් කරුණු ද එය ඇතුළත් කර ගනී:


  • සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පැවැත්ම විශ්වාස කිරීම.

  • සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පරිපාලනය විශ්වාස කිරීම. සැබැවින්ම සෑම දෙයකම හිමිකරු ඔහු බවත් ඔහු එහි මැවුම්කරු එහි පෝෂක හා එහි සැලසුම්කරු වන බවත් විශ්වාස කිරීම.

  •  ඔහුගේ දේවත්වය විශ්වාස කිරීම. සැබැවින්ම නැමදුමට සුදුස්සා ඔහු බවත් ඒ කිසිවක ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම. ඒ අතරින් සලාතය, ප්රාර්ථනාව, භාරය, සත්ව කැපය, උදව් පැතීම, ආරක්ෂාව පැතීම හා ඒ හා සමාන අනෙකුත් සියලුම නැමදුම් ඊට ඇතුළත් වේ.

  •  අල්ලාහ් ඔහු ගැන තහවුරු කළ මෙන්ම ඔහුගේ නබිවරයා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු ගැන තහවුරු කළ ඔහුගේ උසස් ගුණාංග හා අලංකාර නාමයන් විශ්වාස කිරීම. ඔහු ගැන ඔහු ප්ර තික්ෂේප කළ මෙන්ම ඔහුගේ නබිවරයා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු ගැන ප්රතික්ෂේප කළ නාම හා ගුණාංග ප්ර්තික්ෂේප කිරීම. සැබැවින්ම ඔහුගේ නාම හා ගුණාංග පූර්ණත්වයේ හා අලංකාරයේ උපරිමයට ළඟා වූ නාම හා ගුණාංග බවත් ඔහු මෙන් සමාන කිසිවක් නැති බවත් ඔහු සර්ව ශ්රාවක හා සර්ව නිරීක්ෂක බවත් විශ්වාස කිරීම.

දෙවන මූලිකාංගය

මලක්වරුන් පිළිබඳ විශ්වාස කිරීම

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {අහස් හා මිහිතලය මුලින් උත්පාදනය කළා වූ ද දෙක තුන සතර බැගින් පියාපත් සතු මලක්වරුව දූතයින් බවට පත් කළා වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු මැවීම තුළ තමන් අභිමත අනුව වැඩි කරනු ඇත. නියත වශයෙන් අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය} [ෆාතිර්: 1].

  • සැබැවින්ම මලක්වරුන් පාරභෞතික ලෝකයක් බවත් ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් බවත් ඔහු ඔවුන් අලෝකයෙන් මවා ඇති බවත් ඔහුට අවනත යටත් විජිතයින් බවට පත් කර ඇති බවත් අපි විශ්වාස කරමු.
  • ඔවුන් අති විශාල මැවීමකි. ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සංඛ්යාව උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන් අතරින් සෑම කෙනෙකුමට උත්තරීතර අල්ලාහ් නියම කළ ඔවුනටම ආවේනික ගුණාංග, නාම හා රාජකාරීන් ඇත.

 

තුන්වන මූලිකාංගය

දිව්ය ග්රන්ථ - ආගම් පිළිබඳ විශ්වාසය

උත්තරීතර ඔහු මෙසේ පවසයි: {අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු. යැයි නුඹලා පවසනු} [අල් බකරා :136].

  • දිව්ය ග්රන්ථ සියල්ල අල්ලාහ්ගේ වචන බව ස්ථීර ලෙස සහතික කිරීම.
  • සැබැවින්ම ඒවා කීර්තිමත් අල්ලාහ් වෙතින් ඔහුගේ දූතවරුන් මත; ඔහුගේ ගැත්තන් වෙත; පැහැදිලි සත්ය ය සමග පහළ කරනු ලැබූ දෑ බවත් සහතික කිරීම.
  • සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව මුළු මිනිස් සංහතිය වෙත එවීමෙන් පෙර පැවති සෙසු ආගමික පිළිවෙත් එතුමාගේ පිළිවෙත් තුළින් වෙනස් කරන ලදී. සෙසු දිව්ය ග්ර්න්ථ මත ආධිපත්යය දරන්නක් ලෙසත් ඒවා වෙනස් කරන්නක් ලෙසත් ශුද්ධ වූ අල් කුර්ආනය ඔහු පත් කළේය. ශුද්ධ වූ අල් කුර්ආනය වෙනස් කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් දැරුවේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රාකාශ කරයි: {නියත වශයෙන්ම මෙම උපදෙස පහළ කළේ අපය. තවද නියත වශයෙන් අපි එහි ආරක්ෂකයෝ වෙමු}[අල් හිජ්ර්: 9].
  • ඊට හේතුව සැබැවින්ම මිනිස් සමූහයා වෙත එවන ලද අල් කුර්ආනය අල්ලාහ්ගේ ග්රන්ථ අතරින් අවසන් ග්රන්ථය වන බැවින් ද ඔහුගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දූතවරුන් අතරින් අවසන් දූතයාණන් වන බැවින් ද ඉස්ලාම් දහම ලොව අවසන් හෝරාව දක්වා පවතින මිනිසා වෙනුවෙන් අල්ලාහ් පිළිගත් දහම වන බැවින් ද වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: {නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි} [ආලු ඉම්රාන්: 19].

අල්ලාහ් තම ග්ර්න්ථයේ සඳහන් කර ඇති දිව්යමය ග්රන්ථ වනාහි:

  • 1 ශුද්ධ වූ අල් කුර්ආනය: මෙය තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.
  • 2 අත්-තව්රාත් (ටෝරාව): මෙය තම දූත මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.
  • 3 අල්- ඉන්ජීල් (නව ගිවිසුම): මෙය තම දූත ඊසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.
  • 4 අස්-සබූර්: මෙය තම දූත දාවූද් (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.
  • 5 ඉබ්රා-හීම්ගේ දිව්ය ලේඛන: මෙය තම දූත ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.

 

සිව්වන මූලිකාංගය

දූතවරුන් පිළිබඳ විශ්වාසය

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {සැබැවින් ම අපි සෑම සමාජයකට ම ‘අල්ලාහ් දෙවිඳාණන් නමඳින්න. තාගූත් (අල්ලාහ් හැර නමඳිනු ලබන අනෙකුත් දෑ) වලින් ඈත් වී සිටින්න’ යනුවෙන් (ජනයාට දේශනා කිරීම පිණිස) දේව දූතවරයෙකු යවා ඇත්තෙමු} [අන්-නහ්ල්: 36].

  • සැබැවින්ම කිසිදු හවුල්කරුවකු නොමැති අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමටත් ඔහු හැර නැමදුම් ලබන දෑ ප්රතික්ෂේප කිරීමටත් ජනයා ඇරයුම් කරන දූතයකු සෑම සමාජයක් වෙතම අල්ලාහ් එවා ඇති බව ස්ථීර ලෙස තහවුරු කිරීම.
  • ඔවුන් සියලු දෙනාම දේව ගැති මිනිසුන් වන බවත් ඔවුන් සත්යවාදීන් මෙන්ම තහවුරු කරුන්නන් බවත් වඩාත් බැතිමත් මෙන්ම විශ්වාසවන්තයින් බවත් මඟ පෙන්වන මෙන්ම මඟ ලැබූවන් බවත් ඔවුන්ගේ සත්යතාව නිරූපණය කිරීමට ප්රාතිහාර්යයන් තුළින් අල්ලාහ් ඔවුන් ශක්තිමත් කර ඇති බවත් ඔවුනට කවර කරුණක් අල්ලාහ් එව්වේ ද සියල්ල ඔවුන් දන්වා සිටි බවත් සැබැවින්ම ඔවුන් සියල්ලෝම පැහැදිලි සත්යය මත හා පැහැදිලි යහමග මත පිහිටි බවත් විශ්වාස කිරීම.
  • ඔවුන්ගේ ආරම්භකයා සිට ඔවුන්ගේ අවසානයා දක්වා ආගමික මූල ධර්මයන්හි ඔවුන්ගේ ඇරයුම එකගත්වයෙන් පිහිටිය. එය සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ්ව නැමදුමෙහි ඒකීය කරණය කිරීම හා ඔහුට ආදේශ කිරීමෙන් තොර වීමය.

 

 

පස්වන මූලිකාංගය

අවසන් දිනය පිළිබඳ විශ්වාසය

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {අල්ලාහ් වූ ඔහු හැර නැමදුමට දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත ඔහු නුඹලා ව එකතු කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්යය වන්නේ කවරෙකු ද?} [අන්-නිසා: 87].

  • මිනිසාගේ මරණය, යළි අවදි කිරීම, එක්රැස් කිරීම, මැදිහත් වීම, තුලාව, විනිශ්චය, ස්වර්ගය නිරය හා අවසාන දිනය හා සම්බන්ධ වෙනත් දෑ මෙන් අපගේ පරමාධිපතියාණන් ඔහුගේ ශුද්ධ ග්රන්ථයේ දන්වා ඇති එමෙන්ම අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා අප වෙත පවසා ඇති අවසන් දිනය හා සම්බන්ධ සියලු දෑ තිරසාර ලෙස තහවුරු කිරීම.

 

හයවන මූලිකාංගය

යහපත හා අයහපත පෙර නියමය අනුව සිදුවන බව විශ්වාසය

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {සැබැවින්ම අපි සෑම සෙයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්රමාණයකට ය} [අල් කමර්: 49].

  • මෙලොව මැවීම්වලට සිදුවන සිදුවීම් සියල්ල අල්ලාහ්ගේ දැනුම ඔහුගේ නියමය ඔහුගේ සැලසුම මත පමණක් සිදුවන බව විශ්වාස කිරීම. එහි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. මෙම නියමයන් මිනිසා මැවීමට පෙරම ලියනු ලැබ ඇත. එමෙන්ම සැබැවින්ම මිනිසාට මතයට හා කැමැත්තට ඉඩ ඇති බවත් සැබැවින්ම ඔහු යථාර්ථය මත පදනම් ව ඔහුගේ ක්රියාවන් සිදු කරන නමුත් ඒ සියල්ල අල්ලාහ්ගේ දැනුමෙන් කැමැත්තෙන් හා අභිමතයෙන් බැහැර වන්නේ නැත.

පෙර නියමය පිළිබඳ විශ්වාසය මට්ටම් හතරක් මත පවතී. ඒවානම්:

 

  • පළමුව
    සිව් දෙසින් වටවුනු අල්ලාහ්ගේ පූර්ණ දැනුම ගැන විශ්වාසය.
  • දෙවැන්න
    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන්නට නියමිත සෑම දෙයක් පිළිබඳවම අල්ලාහ්
  •                      ලියා ඇති බවට විශ්වාසය.
  • තුන්වැන්න
    අල්ලාහ්ගේ බලවත් අභිමතය හා ඔහුගේ පූර්ණ බලය ගැන විශ්වාසය. එහෙයින් ඔහු අභිමත කළ දෑ සිදු විය.
  •                     ඔහු අභිමත නොකළ දෑ සිදු නොවීය.දෑ සිදු නොවීය.
  • සිව්වැන්න
    සැබැවින්ම අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු බවත් ඔහුගේ මැවීම්හි කිසිදු හවුල්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම.

 

 

 

 

වුළූ පිළිබඳ මම ඉගෙන ගනිමි

උත්තරීතර ඔහු මෙසේ පවසයි: {සැබැවින්ම අල්ලාහ් පාපක්ෂමාවේ නිරත වන්නන් ප්රිය කරයි. එමෙන්ම පිරිසිදුව සිටින්නන්වද ප්රිය කරයි} [අල් බකරා: 22].

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්රකාශ කළහ. "කවරෙකු මා මේ වුළූ ගත් අයුරින් වුළූ ගෙන පසුව රකආත් දෙකක් ඉටු කර ඒ දෙක අතර කතා නොකරන්නේ ද ඔහු පෙර කළ පාපකම් සඳහා අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත”.

සලාතයේ අති වැදගත් කරුණු අතරින් ඊට පෙර පිරිසිදුවීම අල්ලාහ් ආගමානුගත කළේය. එමෙන්ම එය වලංගු වීමට කොන්දේසියක් බවට ද එය පත් කළේය. එය සලාතයේ යතුරයි. එහි මහිමයන් පිළිබඳ දැනුවත් වීම, සලාත් ඉටු කිරීම සඳහා හදවත විවෘත කරනු ඇත.

මුහම්මද නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමානන් පවසා සිටියහ: “පිරිසිදු කම දේව විශ්වාසයේ අඩකි... සලාතය ආලෝකයයි”.

තවත් විටෙක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේද පැවැසූහ: “කවරෙකු වුළූ ගෙන එම ධෝවනය ඔහු නිසි ලෙස සිදු කළේ ද ඔහුගේ ශරීරයෙන් ඔහුගේ පාපකම් ඉවත්ව යනු ඇත”.

ආධ්යාත්මික වශයෙන් වුළූ ගෙන පිරිසිදු වී භෞතික වශයෙන් මෙම නැමදුම ඉටු කරමින් අල්ලාහ්ට අවංකව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මඟපෙන්වීම අනුගමනය කරන්නෙකු ලෙස ගැත්තා තම පරමාධිපති වෙත ඉදිරිපත් වෙයි.

වුළූහි අනිවාර්යය වන අවස්ථා:

  • 1 පොදුවේ සලාතය සඳහා. එය අනිවාර්යය හෝ අතිරේක හෝ වේවා එක සමානය.
  • 2 කඃබාහ්ව වටා තවාෆ් කිරීම (වට වන්දනාව) සඳහා.
  • 3 අල් කුර්ආනය ස්පර්ශ කිරීම සඳහා.
  • පිරිසිදු ජලයෙන් මම වුෑ ගනිමි. ස්නානය කරමි:
  • පිරිසිදු ජලය යනු: අහසින් වැටෙන ජලය හෝ පොළොවෙන් උනන ජලයයයි. එමෙන්ම ජලයේ පිරිසිදුභාවය ඉවත් කරන කිසියම් බාහිර වස්තුවක් හේතුවෙන් එහි සහජ වර්ණය සුවය හා ගන්ධය යන ගුණාංග තුනෙන් එකකින් හෝ වෙනස් නොවූ තත්ත්වයේ පවතින ජලයයි.

වුළූ පිළිබඳ මම ඉගෙන ගනිමි

‘නිය්යත්’ හෙවත් චේතනාව.

එහි නියමිත ස්ථානය හදවතයි. චේතනාව යනුවෙන් අහදස් කරනුයේ: කරන ලද නැමදුම් ක්රි්යාවලිය උත්තරීතර අල්ලාහ් වෙත සමීප වීම සඳහා සිදු කරන බවට හදවතෙහි ස්ථාවරත්වය ගොඩ නැගීමයි.

දෙඅත්ල සේදීම.

අල් මල්මලා හෙවත් කට සේදීම.

කට සේදීම යනු: කට තුළට ජලය යවා එය කලත්වා පසු ව පිටතට බැහැර කිරීමයි

 

නාසය පිරිසිදු කිරීම.

නාසය පිරිසිදු කිරීම යනු: නාසයේ අග දක්වා හුස්ම මගින් ජලය ඇදගෙන පිරිසිදු කිරීමයි.

පසුව අල්-ඉස්තින්සාර් කිරීම: එනම් හුස්ම මගින් නාසය තුළ ඇති සෙම හා රොඩු බැහැර කිරීමයි.

මුහුණ සේදීම.

මුහුණේ සීමාව:

මුහුණ: මුහුණ සේදීමට අදාල ස්ථාන.

එහි සීමාව පළලින් - කණ සිට අනෙක් කණ දක්වා.

එහි සීමාව දිගින් - සුපුරුදු පරිදි හිස කෙස් වැවෙන ස්ථානයේ සිට නිකටේ අවසානය දක්වා අතර සීමාවය.

මුහුණ සේදීමේදී එහි ඇති සියලුම සැහැල්ලු රෝම ආවරණය කළ යුතු වේ. හනුව හා කන්මුල් රෝම ද එසේය.

කන්මුල යනු හනුව හා කන්පෙත්ත අතර වූ ප්ර්දේශයයි.

හනුව යනු: හිස අභ්යන්තරයට පිවිසෙන කන් සිදුරට සමාන්තරව පිහිටන නෙරා ගිය අස්ථි මත ඇති රෝම වේ. එයින් කන් කූඤ්ඥය දක්වා බැස තිබේ.

එමෙන්ම මුහුණ සේදීමේදී ඝණ රැවුල මතුපිට හා ඉන් එල්ලෙමින් පවතින දෑ සමග මුලුමණින්ම ආවරණය වන ආකාරයෙන් සේදිය යුතුයි.

දෙඅත් ඇගිලි තුඩු සිට ආරම්භ කර වැළමිට දක්වා සේදීම.

අත් සේදීමේ දී අනිවාර්යය කොටස තුළට වැළමිට ද ඇතුළත් වේ.

 

හිස සම්පූර්ණයෙන්ම දෙකන් සමග එක්වරක් තෙත් අතින් පිරිමැදීම.

තම හිස ඉදිරියෙන් පටන් ගෙන එය ඔහුගේ පසුගෙල දක්වා ගෙන ගොස් පසුව නැවත ගෙන ඒමය.

ඔහුගේ දෙකන් තුළ ඔහු ඔහුගේ දබරැගිලි දෙක ඇතුලු කරයි.

ඔහුගේ මහපට ඇගිලි දෙක ඔහුගේ කන් දෙක මතුපිට තබා එමගින් කන මතු පිට ද ඇතුළත ද පිරිමදියි.

දෙපා ඇගිලි තුඩුවලින් අරඹා වළලු කර දක්වා දෙපා සේදීම. දෙපා සේදීමේදී අනිවාර්යය කොටස තුළට වළලු කරවල් දෙකද ඇතුළත් වේ.

වළලු කර යනු: පහළ කෙණ්ඩයේ නෙරා පවතින අස්ථි දෙක.

මෙම කරුණු තුළින් වුළූ අවලංගු වී යයි:

  • 1 මළ මූත්රාව, වාතය, ශුක්රාණු, මැලියම් වැනි දෑ ගුද හා ලිංග මාර්ග දෙකින් පිටවීම.
  • 2 ගැඹුරු නින්ද, ක්ළාන්තය, මත්බව හා උන්මාදය යනාදියෙන් සිහි විකල්වීම.
  • 3 සංසර්ගය, ඔසප් භාවය හා දරු ප්රුසූතියෙන් පසු රුධිර වහනය වැනි ස්නානය අනිවාර්යය කරන සියලුම කරුණු.  

වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගත් පසු එය පිරිසිදු ජලයෙන් හෝ අපද්රව්ය ඉවත් කරන සුළු ගල් කැට, වැසිකිලි කොළ, රෙදි කඩ හා වෙනත් යම් වස්තුවකින් අපද්ර්ය ඉවත් කිරීම. එසේ පිරිසිදු කරන විට පිරිමැදීම් වාර තුනකින් හෝ ඊට වැඩිවාර ගණනකින් හා අනුමත පිරිසිදු වස්තුවකින් විය යුතු වේ.

මේස් සපත්තු (හෝ එයට සමාන ආවරණික පැලදුම්) මත පිරිමැදීම

සපත්තු හා මේස් පැළද සිටින තත්ත්වයේ ඇතැම් කොන්දේසි මත දෙපා සේදීමේ අවශ්යතාවෙන් තොරව ඒ දෙක මත පිරිමැදීමට හැකිය:

  • 1සුලු කිලිට්ටෙන් හා මහා කිලිට්ටෙන් පූර්ණ පිරිසිදුවීමෙන් පසු ඒ දෙක පැළඳ තිබිය යුතුය. එහි දී පාද සෝදනු ලැබේ.
  • 2 ඒ දෙක කිලිටි භාවයෙන් තොරව පිරිසිදු ලෙස තිබිය යුතුය.
  • 3 එසේ පිරිමැදීම ඒ සඳහා නියම කරන ලද කාලය තුළ විය යුතුය.
  • 4 ඒ දෙක අනුමත ආකාරයෙන් ලබා තිබිය යුතු අතර සොරකම් කිරීම පැහැර ගැනීම වැනි අයුතු ලෙස ලබා නොගත් දෙකක් විය යුතුය.
  • 5 ‘අල් කුෆ්ෆානි’ හෙවත් සපත්තු දෙක යනු: සිනිදු සමකින් හෝ එවැනි වෙනත් යම් දෙයකින් නිම කළ පාදයේ පළඳින දෑය. එය දෙපා ආවරණය වන සේ පළදින සපත්තු මෙනි.
  • 6 ‘අල් ජව්රබාන්’ හෙවත් මේස් දෙක යනු: රෙදි කඩකින් හෝ එවැනි වෙනත් දෙයකින් නිම කළ පාද දෙකෙහි මිනිසා පළිදින දෑය. එය මේස් සපත්තු යැයි හැඳින්වේ.

මේස් සපත්තු (හෝ එයට සමාන ආවරණික පැලදුම්) මත පිරිමැදීම

කුෆ් මත පිරිමැදීම ආගමානුගත කිරීමට හේතුව:

මේස් සපත්තු මත පිරිමැදීමෙන් අපේක්ෂා කෙරෙන අභිමතාර්ථය වනුයේ: සපත්තු හෝ මේස් ගලවා පාද සේදීමට අපහසු මුස්ලිම්වරුනට සහනයක් හා පහසු කිරීමක් වීමය. විශේෂයෙන්ම දැඩි ශීත හා උෂ්ණ කාලවලදී මෙන්ම ගමනකදී සහනයක් වනු ඇත.

පිරිමැදීමේ කාලය:

පදිංචිකරුවා: දහවලක් හා රාත්රියක් (පැය 24ක්).

මගියා: දහවල් තුනක් හා රාත්රී තුනක් (පැය 72ක්).

පිරිමැදීමේ කාල ගණනය ආරම්භ වනුයේ කිල්ලට හසුවීමෙන් පසු සපත්තු දෙක හෝ මේස් දෙක මත පළමු වර මස්හ් කිරීමෙනි.

මේස් හා සපත්තු මත මස්හ් කිරීමේ ක්ර්මය:

  • 1
    අත් දෙක තෙමා ගැනීම.
  • 2පාදය මතුපිට පිරිමදිමින් අත ගෙනයෑම. (ඇගිලි තුඩු සිට කෙණ්ඩය ආරම්භය දක්වා).
  • 3
    දකුණු පාදය දකුණු අතින්ද වම් පාදය වම් අතින්ද පිරිමදිනු ලැබේ.

පිරිමැදීම අවලංගු වන කරුණු:

  • 1ස්නානය අනිවාර්යය කරන දෑ.
  • 2
    මස්හ් කිරීමේ කාලය අවසන් වීම.

ස්නානය කිරීම

පිරිමියා හෝ කාන්තාව හෝ වේවා සංසර්ගයේ නිරත වූ විට හෝ ඒ දෙදෙනාගෙන් කෙනෙකුට නින්දේදී හෝ අවදිව සිටියදී හෝ ධාතු පිටවුණු විට ඔහු හෝ ඇය සලාතය ඉටු කිරීමට හෝ පිරිසිදු වීම අනිවාර්යය වන කටයුත්තක නිරත වීමට හැකිවන පරිදි ස්නානය කර ගැනීම අනිවාර්යය වේ. එමෙන්ම ඔසප් කාන්තාවක් හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවන් හෝ පිරිසිදු වූ විට සලාතය ඉටු කිරීමට හෝ පිරිසිදු වීම අනිවාර්යය වන කටයුත්තක නිරත වීමට පෙර ස්නානය කර ගැනීම අනිවාර්ය වේ.

ස්නානය කිරීම

ස්නානය කිරීමේ ක්රමය පහත සඳහන් පරිදිය:

මුස්ලිම්වරයා තම මුලු ශරීරයම කවර හෝ ක්රමයකට ජලය භාවිත කරමින් ආවරණය කරයි. ඒ අතරින් කට පිරිසිදු කිරීම නාසය පිරිසිදු කිරීම ද ඇතුළත් වේ. තම ශරීරය ජලයෙන් ආවරණය කළ විට මහා කිලිට්ට ඔහුගෙන් ඉවත් වී ඔහුගේ පිරිසිදු වීම සම්පූර්ණ වන්නේය.

මහ කිලිටි තත්ත්වයේ සිටින්නෙකු ස්නානය කර ගන්නා තුරු සිදු නොකළ යුතු කරුණු පහත පරිදිය:

  • 1 සලාතය.
  • 2 කඃබාහ්ව වටා තවාෆ් කිරීම (වට වන්දනාව).
  • 3 මස්ජිදයේ රැඳී සිටීම. එසේ රැඳී නොසිට ඒ හරහා ගමන් කිරීම ඔහුට අනුමැතිය ඇත.
  • 4 අල් කුර්ආනය ස්පර්ශ කිරීම.
  • 5 අල් කුර්ආන් පාරායනය.

තයම්මුම් හෙවත් පිරිසිදු පස් භාවිතයෙන් පිරිසිදු වීම

මුස්ලිම්වරයාට පිරිසිදු වීම සඳහා ජලය නොලැබුණු විටෙක හෝ යම් රෝගී භාවයක් වැනි හේතුවකින් ජලය භාවිත කිරීමට නොහැකි වූ විටෙක හෝ සලාතයේ වේලාව මඟ හැරෙනු ඇතැයි බිය වූ විටෙක ඔහු තයම්මුම් කර ගනී.

තයම්මුම් හෙවත් පිරිසිදු පස් භාවිතයෙන් පිරිසිදු වීම

එහි ක්රමය වනුයේ තම දෑත් පස් මත එක් වරක් ගසා පසුව ඒ දෙකින් තම මුහුණ හා තම අත් දෙක පිරිමැදීමයි. එහි දී පස් පිරිසිදුව තිබීම කොන්දේසිය වන්නේය.

මෙම කරුණු හේතුවෙන් තයම්මුම් අවලංගු වෙයි:

  • 1 වුළු අවලංගු වන දෑ තයම්මුම් ද අවලංගු කරයි.
  • 2 තයම්මුම් සම්පූර්ණ කළ නැමදුමක නිරත වීමට පෙර ජලය ලැබුණු විටෙක හෝ ජලය පරිහරනය කිරීමට හැකි වූ විටෙක.

මම සලාතය උගනිමි

සලාතය සඳහා මම සූදානම් වෙමි

  • සලාතයේ වේලාව පැමිණි විට මුස්ලිම්වරයා සුළු හා මහා කිලිටි තත්ත්වයන්හි පසුවන විට එම කිලිටිවලින් මුස්ලිම්වරයා පිරිසිදු වෙයි.

අල් හදසුල් අක්බර් නොහොත් මහා කිලිට යනු: මුස්ලිම්වරයාට ස්නානය අනිවාර්යය කරන්නකි.

අල් හදසුල් අස්ගර් නොහොත් සුළු කිලිටි යනු: මුස්ලිම්වරයාට වුළු අනිවාර්යය කරන්නකි.

  • පිරිසිදු ඇඳුමින් සැරසී අපවිත්ර වලින් පිරිසිදු වූ ස්ථානයක තම රහසඟ ආවරණය කරමින් සලාතය ඉටු කරයි.
  • මුස්ලිම්වරයා සලාතය වේලාවේ සුදුසු ඇඳුමක් ඇඳ තම ශරීරය ආවරණය කර ගනී. පිරිමියෙකු සලාතයේදී පෙකණිය හා දණහිස දක්වා අතර වූ කොටසින් කිසිවක් හෝ නිරාවරණය කිරීම සුදුසු වන්නේ නැත.
  • සලාතයේදී කාන්තාවක් තම මුහුණ හා අත් දෙක හැර ඇගේ මුළු ශරීරයම ආවරණය කිරීම අනිවාර්යය වෙයි.
  • සලාතයට ආවේනික ප්රකාශ හැර වෙනත් කිසිවක් මුස්ලිම්වරයා එහිදී කතා නොකරනු ඇත. ඔහු ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන්නාට සවන් දෙයි. ඔහුගේ සලාතයේදී ඔහු හැරී නොබලයි. සලාතයට ආදළ ප්රකාශ මතක තබා ගත නොහැකි වූයේ නම් එවිට සැබැවින්ම ඔහු සලාතය අවසන් වන තුරු අල්ලාහ්ව මෙනෙහි කරමින් තස්බීහ් පවසයි. සලාතය හා එහි කිව යුතු පාඨ හැදෑරීමට යුහුසුළු වීම අවශ්ය වන්නේය.

මම සලාතය උගනිමි

මා ඉටු කිරීමට අපේක්ෂා කරන අනිවාර්යය සලාතය අදිටන් කර ගැනීම. එහි ස්ථානය හදවතයි.

මා වුළූ ගත් පසු කිබ්ලා දිශාවට මුහුණලා සිට ගැනීමට හැකියාව ඇත්තෙකු නම් එසේ සිට ගනිමින් සලාතය ඉටු කරමි.

උරහිස් දෙකට සමාන්තරවය අත් දෙක ඔසවා සලාතයට ප්රවේශ වීම අදිටින් කර ගනිමින් ‘අල්ලාහු අක්බර්’ යැයි පවසමි.

සඳහන්ව ඇති පරිදි ‘දුආ අල්-ඉස්තිෆ්තාහ්’ පවසමි. ඒ අතරින් ප්ර කාශයක් වනුයේ:

සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත

 

පලවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමින් මෙසේ කියමි: ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි.

 

සෑම රකඅතයකම ‘ෆාතිහා’ පරිච්ඡේදය කියවමි. එනම්: {බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ (1) -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්- (1) ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ (2) -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය- (2) ‘අර් රහ්මානිර් රහීම්’ (3) - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය.- (3)‘මාලිකි යව්මිද් දීන්’ (4) -විනිශ්චය දිනයේ අධිපතිය.-(4) ‘ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්’ (5) -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු.- (5) ‘ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්’ (6) -අප ඍජු මග යොමු කරනු මැනව! (6) ‘සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්’ (7) ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව (7)}.

‘ෆාතිහා’ පරිච්ඡේදයෙන් පසු සෑම සලාතයකම පළමු හා දෙවන රකආත් වාර වල පමණක් අල් කුර්ආනයේ පහසු පාඨ කිහිපයක් පාරායනය කරමි. එය අනිවාර්යය නොවන අතර එය ඉටු කිරීමෙන් මහඟු කුසල් ඇත.

අල්ලාහු අක්බර්’ යැයි පවසා පසු ව මාගේ පිට සමාන්තරව පිහිටන සේ ද මාගේ දෑත් මාගේ දණහිස් දෙක මත ඇගිලි විහිඳුවා තබමින් ද රුකූඋ කරමි. පසුව රුකූහි ‘සුබ්හාන රබ්බියල් අළීම්’ යැයි පවසමි.

සමිඅල්ලාහු ලිමන් හමිා’ යැයි පවසමින් මාගේ දෑත් උරහිසට සමාන්තරව ඔසවා රුකූඃවෙහි සිට නැගිටෙමි. එසේ නැගිට මාගේ ශරීරය ඍජුව තබා ගත් විට මම ‘රබ්බනා වලකල් හම්දු’ යැයි පවසමි.

අල්ලාහු අක්බර් යැයි පවසා’ අත් දෙක, දණහිස් දෙක, පාද දෙක, නළල හා නාසය යන අවයව මත සුජූද් කරමි. මාගේ සුජූද්හි මම ‘සුබ්හාන රබිබියල් අඃලා’ යැයි පවසමි.

අල්ලාහු අක්බර්’ යැයි පවසා සුජූද් ඉරියව්වෙන් නැගිට මාගේ පිට ඍජුව සමාන්තවර තබමින් දකුණු කකුල ඇණ තබා වම් පාදය මත වාඩි වෙමින් ‘රබ්බි ඉග්ෆිර්ලි’ යැයි පවසමි.

අල්ලාහු අක්බර්’ යැයි පවසා පළමුවන සුජූදය මෙන් නැවත වාරයක් මම සුජූද් කරමි.

අල්ලාහු අක්බර් යැයි පවසා සුජූදයෙන් නැගිට නැවත ඍජුව සිට ගන්නෙමි. පළමු රකආත් වාරයේ මා සිදු කළ දෑම සලාතයේ අනෙක් රකආත් වාරයේද ඉටු කරමි.

ලුහර්, අසර්, මග්රිබ් හා ඉෂා සලාතයන්හි දෙවන රකආත් වාරයෙන් පසු පළමු තෂහ්හුද් කියවීම සඳහා වාඩි වෙමි. එනම්: අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු. තේරුම: සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතුය. එමෙන්ම සියලු ආශිර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතුය). අහෝ නබි තුමණි! ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන්ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම නියත වශයෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි. ඉන්පසුව තුන්වන රකආත් වාරය සඳහා නැගිට සිටිමි.

සෑම සලාතයකම අවසන් රකආත් වාරයෙන් පසු තෂහ්හුද් සඳහා වාඩි වෙමි. එය නම්: “අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය, ඔබට ශාන්තිය හිමි වේවා! එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. අප මතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කරත්වා!”.

ඉන් පසු ව සලාතයෙන් බැහැර වීමේ අදිටනින් දකුණු දෙසට හැරී ‘අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්” යැයි සලාම් පවසමි. පසුව වම් දෙසට ද හැරී ‘අස්සලාමු අලයිකුම් වරහ්ම්මතුල්ලාහි’ යැයි නැවත සලාම් පවසමි. මේ සමග සලාතය ඉටු කර හමාර කරමි.

මුස්ලිම් කාන්තාවකගේ හිජාබ් වස්ත්රය

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {නබිතුමාණෙනි, ඔබ ඔබගේ භාර්යාවන්ට ද ඔබගේ දූවරුන්ට ද විශ්වාසවන්ත කාන්තාවන්ට ද තමන්ගේ හිස් ආවරණය කරන සලුව පහත් කරගන්නා ලෙස පවසනු. ඔවුන් (ශීලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගනු ලැබ, කිසිදු හිංසාවකට ලක් නොවී සිටීමට එය ඉතා පහසු (ක්රියාමාර්ගයක්) වේ. අල්ලාහ් අති ක්ෂමාශීලී හා මහා කාරුණික වේ} [අල් අහ්සාබ්: 59].

කාන්තාව හිජාබ් පැළදීමත් ඇයගේ රහස්ය පෙදෙස් ආවරණය කිරීමත් පිටස්තර පිරිමින්ගේ නෙතට නොගැටෙන පරිදි ඇයගේ මුළු ශරීරයම දේශීය ඇදුමින් සැරසීමත් අල්ලාහ් අනිවාර්යය කර ඇත. තම සැමියා හා ලේ ඥාතීන් ඉදිරියේ මිස ඇය ඇගේ හිජාබය ගැලවීම ඇයට සුදුසු වන්නේ නැත. ලේ ඥාතීන් යනු කාන්තාවකට ඔවුන් සමග කිසිවිටෙක විවාහ වීමට සුදුසු නොවන උදවියයි. ඔවුන් නම්: (පියා, පියාගේ පියා එසේ ඉහළට, පුතා පුතාගේ පුතා එසේ පහළට, මාමාවරු, මහප්පා හා බාප්පාවරු, සහෝදරයා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, මවගේ ස්වාමිපුරුෂයා ඇය සමග ලිංගික සම්බන්ධතා ඔහු පවත්වා ඇත්නම්, සැමියාගේ පියා එසේ ඉහළට, ස්වාමිපුරුෂයාගේ දරුවා එසේ පහළට, දුවගේ සැමියා, පරම්පරමාවෙන් මහ්රම් වන අය කිරි පෙවීම හේතුවෙන් ද මහ්රම් වේ.

ස්ලිම් කාන්තාව ඇගේ ඇඳුම් පැළඳුම්වල දී නිර්ණායක කිහිපයක් සැලකිල්ලට ගනී:

 

  • පළමුව
    ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වීම.
  • දෙවැන්න
    කාන්තාව ඇඳ පැළඳ ගන්නා දෑ අලංකාරය ඉස්මතු කරන්නක් නොවිය යුතුයි.
  • තුන්වැන්න
    ඇගේ ශරීරය හෙළි කරන විනිවිද පෙනෙන්නක් නොවිය යුතුයි.
  • සිව්වැන්න
    ඇගේ ශරීර කොටස් විස්තර කරන තරමට හිර නැති සැහැල්ලු ඇඳුමක් විය යුතුයි.
  • පස්වැන්න
    සුවඳ විළවුන් ගල්වා නොතිබිය යුතුයි.
  • සයවැන්න
    පිරිමියාගේ ඇඳුමට සමාන නොවිය යුතුයි.
  • සත්වැන්න
    මුස්ලිම්නො වන කාන්තාවන් ඔවුන්ගේ උත්සව වලදී හා නැමදුම්වලදී අදින පළදින ඇඳුමට සමාන නොවිය යුතුයි.

දේව විශ්වාසියාගේ ගුණාංග සමහරක්

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති} [අල් අන්ෆාල්: 2] .

දේව විශ්වාසියාගේ ගුණාංග සමහරක්:

  • කතාවෙහි සත්ය වාදියෙකි. බොරු නොකයයි.
  • ගිවිසුම හා පොරොන්දුව ඉටු කරයි.
  • තර්කයෙහි සීමාව ඉක්මවා කටයුතු නොකරයි.
  • වගකීම් ඉටු කරයි.
  • තමන් ප්රිය කරන දේ තම සහෝදර මුස්ලිම්වරයාට ද හිමි විය යුතු යැයි ප්රිය කරයි.
  • ත්යාගශීලීය.
  • මිනිසුන් වෙත යහපත් අයුරින් කටයුතු කරයි.
  • ඥාති සම්බන්ධතා රකියි.
  • අල්ලාහ්ගේ නියමය පිළිගෙන ප්රීිතිමත් අවස්ථාවේ දී ඔහුට කෘතඥ වී දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරයි.
  • ලැජ්ජාවෙන් සංලක්ෂිත වෙයි.
  • මැවීම්වලට කරුණාව දක්වයි.
  • ඔහුගේ හදවත ක්රෝරධයෙන් නිරෝගීය. ඔහුගේ අවයව අනෙක් අයට සතුරුකම් කිරීමෙන් නිරෝගීය.
  • මිනිසුනට සමාව දෙයි.
  • පොළිය අනුභව නොකරන අතරම ඒ සමග බැඳුණු ගනුදෙනු නොකරයි.
  • කාම අපචාරයේ නොයෙදයි.
  • මත්පැන් පානය නොකරයි.
  • තම අසල්වැසියන් සමග සුහදශීලීව කටයුතු කරයි.
  • අපරාධ නොකරයි. වංචා නොකරයි.
  • සොරකම් නොකරයි. කූටකම් නොකරයි.
  • තම දෙමව්පියන් මුස්ලිම් නොවුවද ඔවුනට උවටැන් කරයි. යහපත් කටයුතුවලදී ඔවුනට අවනත වෙයි.
  • තම දරුවන් විශිෂ්ඨ අයුරින් හදාවඩා ගනියි. ආගමික වගකීම් ඉටු කරන මෙන් ඔවුනට නියෝග කරයි. ඉතා පහත් හා තහනම් දැයින් ඔහු ඔවුන් වළක්වාලයි.
  • මුස්ලිම් නොවන අයට ආවේනික වූ විශේෂිත වූ ඔවුන්ගේ ආගමික ලක්ෂණ හෝ සිරිත් විරිත් ඔහු අනුකරණය නොකරයි.

මාගේ සතුට මාගේ ඉස්ලාම් දහමයි

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: {පුරුෂයින්ගෙන් සහ ස්ත්රී න්ගෙන් කවෙරකු හෝ වේවා ඔහු විශ්වාස කරන්නෙකු ලෙස යහපත් ක්රිනයා කරන්නේද අපි (මෙලොව) හොඳ ජීවිතයක් ගත කිරීමට ඔහුට ජීවය ලබා දෙන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි විශිෂ්ඨ දෑ අනුව අපි (එලොවෙහි) ඔවුන්ට යහපත් විපාක නියත වශෙයන්ම පිරිනමන්නෙමු} [අන් නහ්ල්: 97].

මුස්ලිම්වරයාගේ හදවත තුළට පිවිසෙන සතුට ප්රීතිය හා සොම්නස අතරින් මහඟු කරුණක් වනුයේ ජීවත්ව සිටින්නන්ගේ හෝ මිය ගිය ඇත්තන්ගේ හෝ පිළිමවල හෝ මැදිහත් වීමකින් තොරව ඍජුව තම පරමාධිපති සමග සම්බන්ධතා පැවැත්වීමය. උත්තරීතර අල්ලාහ් ඔහුගේ ශුද්ධ වූ අල් කුර්ආනයේ සැබැවින්ම තමන් කවදත් තම ගැත්තන්ට සමීපයෙන් සිටින බවත් ඔවුන්ගේ ප්රාර්ථනාවන්ට ඇහුන්කන් දී පිළිතුරු දෙන බවත් අවධාරණය කරයි. අල්ලාහ් මෙසේ ප්රකකාශ කරයි: {තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. කැඳවන්නාගේ කැඳවුමට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු පිණිස ඔවුන් මාගේ පිළිතුර අපේක්ෂා කරත්වා ! මා විශ්වාස කරත්වා !} [අල් බකරා: 186].

සුවිශුද්ධයාණන් ඔහුගෙන් ප්රා ර්ථනා කරන මෙන් අපට නියෝග කර ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපතිට සමීප වන නැමදුම් අතර ඉතා වැදගත් කරුණක් බවට ඔහු මෙය පත් කර ඇත. කීර්තිමත් අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: {‘ඔබ මගෙන් පතන්න. මම ඔබට පිළිතුරු දෙමි’ යැයි ඔබේ පරමාධිපති පැවසීය} [ගාෆිර්:60].

දැහැමි මුස්ලිම්වරයා නිතර අල්ලාහ්ගේ අවශ්යතාවයෙන් පෙළෙයි. ඔහු ඉදිරියේ නිතර ප්රාර්ථනා කරයි. දැහැමි නැමදුම් තුළින් ඔහුට සමීප වෙයි.

මහත් හේතුවක් උදෙසා අල්ලාහ් අප මෙම විශ්වයේ බිහි කළේය. නිකරුණේ ඔහු අප මවා නැත. එය ඔහුට කිසිදු හවුල් කරුවෙකු හවුල් නොකර ඔහුට පමණක් නැමදුම් කිරීමය. 

අපගේ පුද්ගලික මෙන්ම පොදු ජීවිතයේ සියලුම කරුණු හැඩගස්වන සියල්ල ආවරණය කරගත් දේව දහමක් ඔහු අපහට ආගමානුගත කර ඇත. මෙම සාධාරණීය පිළිවෙත තුළින් ජීවිතයේ අවශ්යතාවන් ආරක්ෂා කළේය. එනම්: අපගේ දහම ජීවිත, මාන්ය ය, බුද්ධිය මෙන්ම අපගේ ධනයයි. ආගමික නියෝග අනුගමනය කරමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් කවුරුන් ජීවත් වන්නේ ද සැබැවින්ම ඔහු මෙම අවශ්යතාවන් ආරක්ෂා කර ගත්තේය. කිසිදු සැකයකින් තොරව ඔහුගේ ජීවිතයේ ඉතා තැන්පත් ප්රීතිමත් ජීවිතයක් ගත කළේය.

මුස්ලිම්වරයකු තම පරමාධිපති සමඟ ඇති බැඳීම ඉතා ගැඹුරු අතර එය සාමය සහ මානසික සැනසීම, නිශ්චල බව, ආරක්ෂාව සහ සතුට පිළිබඳ හැඟීමක් සහ පරමාධිපති තමන් සමග සිටින බව ඔහු තමන් ආරක්ෂා කරන බව හා ඔහුගේ විශ්වාසියාගේ භාරකාරත්වය ඔහු දරන බව හැඟීමක් ඇති කරන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්ර්කාශ කරයි: {විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරයි...} [අල් බකරා: 257].

මෙම ශ්රේෂඨ සම්බන්ධතාවය චිත්තවේගීය තත්වයක් වන අතර එය මහාකාරුණිකයාණන්ට නැමදුම් කිරීමේ රුචිය, ඔහුව මුණගැසීමේ ආශාව ඇති කරයි. දේව විශ්වාසයේ මිහිරි බව දැනීමෙන් ඔහුගේ හදවත සතුටින් පිරි අහසට නැගෙයි.

එම මිහිරි බව, අවනතභාවයේ ක්රියාවන් සිදු කිරීමෙන් හා නරක දැයින් වැළකෙමින් රස විඳින්නෙකුට මිස වෙනත් කිසිවකුටත් විස්තර කළ නොහැකිය. එහෙයින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා සිටියහ: “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය”.

ඔව්, යම් පුද්ගලයෙක් තම මැවුම්කරුවා ඉදිරියේ තම ස්ථිර පැවැත්ම දැනෙනවා නම්, ඔහුගේ අලංකාර නාම සහ ගුණාංග තුළින් ඔහුව හඳුනන්නේ නම්, ඔහු බලා සිටියි යන හැඟීමෙන් යුතුව ඔහුට නමස්කාර කරන්නේ නම්, ඔහු අල්ලාහ්ට නැමදුම් ඉටු කිරීමෙහි අවංක නම් එමගින් සර්වබලධාරි අල්ලාහ් හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකළේ නම්, ඔහු මෙලොව යහපත් හා ප්රීතිමත් ජීවිතයක් ගත කරන අතර මතුලොවෙහි ප්ර තිඵල ද යහපත් වනු ඇත.

මෙලොව දේව විශ්වාසියාට කරදර සිදු වුව ද එහි උණුසුම ස්ථිර විශ්වාසයේ සිසිලෙන් ද උත්තරීතර අල්ලාහ්ගේ පෙර නියමය පිළිගැනීමෙන් ද ඔහුට අත් වූ හොඳ නරක යන සියලු නියමයන්ට ඔහු ප්රශංසා කිරීම තුළින් ද ඒ ගැන පූර්ණ තෘප්තියට පත්වීමෙන් ද පහව යනු ඇත.

තම සතුට හා සන්සුන් භාවය වැඩි කර ගැනීම සඳහා මුස්ලිම්වරයා උනන්දු විය යුතු කරුණු අතර උත්තරීතර අල්ලාහ් ව නිතර නිතර සිහිපත් කිරීම හා අල් කුර්ආනය අධිකව පාරායනය කිරීම ද ඇතුළත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රිකාශ කරයි: {විශ්වාස කළවුන් වනාහි, ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වෙති} [අර් රඃද්: 28].

අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල් කුර්ආනය පාරායනය කිරීම මුස්ලිම්වරයකු වැඩි කරගත් කල්හි උත්තරීතර අල්ලාහ් සමග තිබෙන ඔහුගේ සම්බන්ධතාව වර්ධනය වනු ඇත. ඔහුගේ ආත්මය පිරිසිදු වනු ඇත. ඔහුගේ විශ්වාසය ශක්තිමත් වනු ඇත.

එසේම, මුස්ලිම්වරයා පැහැදිලි සාධක පදනම් කර ගනිමින් සර්වබලධාරි දෙවියන්ට නැමදුම් කිරීම සඳහා නිවැරදි මූලාශ්රවලින් තම ආගම ඉගෙන ගැනීමටත් උනන්දු විය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කළහ.: “දැනුම සෙවීම සෑම මුස්ලිම්වරයකුහටම අනිවාර්යය වේ”.

ඔහු මැවූ සර්වබලධාරි අල්ලාහ්ගේ ආඥාවලට -ඒ පිළිබඳ ප්රඥාව දැන සිටියත් නැතත්- ඔහුට අවනත වී යටත් විය යුතුය. ඔහු සර්වබලධාරි සිය උතුම් ග්රන්ථයේ මෙසේ සඳහන් කළේය: {අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසී පුරුෂයකුට හෝ කාන්තාවකට හෝ ඔවුන්ගේ කටයුතුවල (ඔවුන්ගේ) කැමැත්ත යෙදීම සුදුසු වන්නේ නැත. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටු පාන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවක මුළා වනු ඇත} [අල් අහ්සාබ්: 36].

අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන්ම හිතමිතුරන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා.